Search

ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන් තුනක්

න්‍යෂ්ටික සබ්මැරීන මිලදී ගැනීමේ ඔස්ට්‍රේලියා සැලසුම ඇමරිකාව අනුමත කර තිබෙනවා.

ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන් ලබාදීම අනුමත වී තිබෙනවා.

ඒ අනුව අවම වශයෙන්  සබ්මැරීන තුනක් ඔස්ට්‍රේලියාවට ලබා දීමට ඇමෙරිකාව සූදානම් බවයි වාර්තා වන්නේ.

න්‍යෂ්ටික සබ්මැරින් ඇමෙරිකාව අලෙවි කරන්නේ ප්‍රථම වතාවට වීමත් විශේෂත්වයක්.

ඇමරිකාවේ තීරණය ඉතාමත්ම වැදගත් බවයි ඔස්ට්‍රේලියා ලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ. 

ඇමෙරිකා පරිපාලනයට ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

වසර දෙදහස් තිහ වන විට පළමු න්‍යෂ්ටික සබ්මැරීනය ඔස්ට්‍රේලියාව වෙත ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »