
දැව නිෂ්පාදන ආයතන හතක් සඳහා ඩොලර් මිලියන 74ක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම, ධීවර හා වන සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලූක් බර්ක්ලෙ කියාසිටින්නේ ඉදිරි වසර හතරක කාලය තුළ මුදල් නිකුත් කෙරෙන බවයි.
ආධාර යටතේ වන වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට දැව නිෂ්පාදන ආයතන වලට සිදුවනු ඇති.

එය කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්ක ළඟා කර ගැනීමට ද හේතුවක් වන බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය දැව සපයා ගැනීම ද ව්‍යාපෘතියෙහි අරමුණක් වී තිබෙනවා.

විදේශ වලින් අවශ්‍ය දැව ගෙන්වා ගැනීමේ දී ඇතිවන වියදම පාලනයට ද එය හේතුවක් වන බවයි රජය පෙන්වා දෙන්නේ.