Search

වික්ටෝරියාහි නවතම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන දහයක් අතිරේකව

වික්ටෝරියාහි නවතම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන දහයක් අතිරේකව වැය වන බවයි වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පෙන්වා දෙන්නේ.

ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ මුදල  ඩොලර් බිලියන දහසයක්.

එහෙත් පවතින තත්ව මත එය ඩොලර් බිලියන 26 දක්වා වැඩි වී ඇති බවයි වික්ටෝරියා අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය සහ යුක්රේන යුද්ධය නිසා ඇති වූ විවිධ අර්බුද ඉදිකිරීම් වියදම් වැඩිවීමට හේතු වී ඇතැයි සඳහන්.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහල යාමද ගැටලුවක් බවයි ජසින්ටා ඇලන් පෙන්වා දෙන්නේ.

නැගෙනහිර මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධ නව ගිවිසුම පිළිබඳව ඇය පෙන්වා දුන්නා.

ඒ අනුව බර්ක් රෝඩ් සිට ට්‍රෑම් රෝඩ් දක්වා කොටස ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 5 යි දශම හතක් වැයකිරීමට යි සැලසුම් කර තිබෙන්නේ. 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »