
නිව් සවුත් වේල්ස් රජය විදුලිය අර පිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීම ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනයක් බවට චෝදනා නැගෙනවා.
හිටපු උප අග්‍රාමාත්‍ය බානබි ජොයිස් කියා සිටින්නේ ලේබර් පක්ෂයේ බිඳ වැටීම ඉල්ලීමෙන් පෙන්නුම් කරන බවයි.
විසිඑක්වන සියවසේ දී මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකි රජයක් ගමන් කරන්නේ ගල් යුගයක් වෙත යැයි ඔහු පෙන්වා දී තිබෙනවා.

ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකින් දැඩි උෂ්ණත්වයක් වාර්තා වීමත් සමග විදුලි ඉල්ලුම වැඩි වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
අර්බුදයක් හේතුවෙන් ගල් අඟුරු බලාගාරයක් වසා දමා තිබෙනවා.

ඒ නිසා ඉල්ලුමට සරිලන පරිදි විදුලිය ලබාදීමට නොහැකි වනු ඇති බවටයි රජය විශ්වාස කළේ.