
ගාසා තීරය ආශ්‍රිත සටන් විරාමයකට ඔස්ට්‍රේලියාව සහාය දැක්වීම නිවැරදි තීරණයක් බවයි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඔස්ට්‍රේලියාව ඡන්දය ප්‍රකාශ කළා.
එය ලැජ්ජා සහගත ලෙස ඊශ්‍රායලය අත්හැර දැමීමක් බවයි ඡායා ස්වදේශ කටයුතු ඇමැති ජේම්ස් පැටර්සන් පෙන්වා දී තිබෙන්නේ.

ගාසා ආශ්‍රිත පටන් විරාමයක් වෙනුවෙන් තිරසර ලෙස ඕස්ට්‍රේලියාව පෙනී සිටින බවයි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
සටන් විරාමය ඒක පාර්ශ්වික නොවිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

හමාස් සංවිධානය විසින් රඳවා ගනු ලැබ සිටින ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමද අත්‍යාවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.
අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සෑම පාර්ශවයකම වගකීම බවද වත්මන් රජයේ ස්ථාවරයයි.
ඒ නිසා සටන් විරාමයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් රජය ගෙන ඇතැයි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.