එක් ලක්ෂ පනස් දහසකට අධික මගීන් අද ක්වන්ටාස් සමග

වසරේ කාර්යබහුලම දිනය අද වන බවයි ක්වන්ටාස් ගුවන් සේවය පවසන්නේ.

එක් ලක්ෂ පනස් දහසකට අධික ගුවන් මගීන් පිරිසක් අද දිනයේ දී ක්වන්ටාස් ගුවන් සේවය භාවිත කිරීමයි ඊට හේතු වී ඇත්තේ.

සාමාන්‍යයෙන් දෙසැම්බර් හා ජනවාරි මාස වලදී ඔස්ට්‍රේලියා ජාතිකයන් වැඩි පිරිසක් ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරත වනවා.

එය මිලියන අටහමාරකට වැඩි බවයි සමාගම සඳහන් කරන්නේ.

අවශ්‍යතා සඳහා ගුවන් ගමන් හැත්තෑ දහසකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව අද දිනය වැඩිම මගීන් සංඛ්‍යාවක් ගමනාන්ත වෙත ගමන් කරන දිනය බවයි සමාගම පෙන්වා දෙන්නේ.

නිවාඩු සමය වෙනුවෙන් සේවා වර්ධනයට ද සමාගම සැලසුම් කළා.

අතිරේක කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීමත් ඊට ඇතුළත්.

ඕනෑම අවස්ථාවක භාවිතය සඳහා ගුවන් යානා දහතුනක් සූදානම් කර තිබෙනවා.

මගීන් සංඛ්‍යාව වැඩි වුවද ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට සූදානම් බවත් ගුවන් සේවය පෙන්වා දුන්නා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »