Search

ක්වීන්ස්ලන්ඩ් හි නිවාස 450 ක් ඉදිකිරීමට සැලසුම්

ක්වීන්ස්ලන්ඩ් හි නිවාස 450 ක සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කෙරෙනවා.

දේපළ සංවර්ධනය ආයතනයක් ඒ සම්බන්ධ ඉල්ලීම ඉදිරිපත් කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

නිවාස ඉදි කෙරෙන්නේ ක්වීන්ස්ලන්ඩ් හි ජලගැලුම් තැනිතලාවක් මත.

ඒ නිසා ඊට අවසර ලබාදීමේදී සන්ෂයින් කෝස්ට් සභාවේ නියෝජිතයන් අදහස් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

අවසානයේදී ව්‍යාපෘතිය සඳහා මූලික අවසරය ලබා දී ඇත්තේ කොන්දේසි සියයක් පමණ සමග බවයි වාර්තා වෙන්නේ.

ජලය බැසයාම සහ රැස්කිරීම සඳහා වැවක් නිර්මාණය කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා.

එය හෙක්ටාර දහ අටකට පමණ ආසන්න විය හැකි බවයි වාර්තා වෙන්නේ.

සන්ෂයින් කෝස්ට් සභාවේ නියෝජිතයන් දස දෙනාගෙන් ම හය දෙනකු ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »