Search

ලැව් ගිනි හේතුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නැයි හන්ටර් කලාපයට අනතුරු ඇඟවීම්

පාලනය කළ නොහැකි ලැව් ගිනි හේතුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නැයි නිව් සවුත් වේල්ස් හි හන්ටර් කලාපයේ නිවැසියන්ට දැනුම් දී තිබෙනවා.

පාලනය කළ නොහැකි ලැව් ගිනි තුනක් ක්‍රියාත්මක බවයි ග්‍රාමීය ගිනි නිවීම් සේවා ආයතනය සඳහන් කරන්නේ.

ප්‍රදේශයෙන් ඉවත්වීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

ගින්න පාලනය සඳහා දෙසීයක පමණ ක්ම ගිනි නිවීම් කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

ගුවන් මගින් ජලය ඉසීමද ආරම්භ වී තිබෙන බවයි ගිනි නිවීම් අංශ  සඳහන් කරන්නේ.

දැඩි සුළං නිසා ගින්න  වේගයෙන් පැතිරෙන බවත් ගිනි නිවීම් අංශ පෙන්වා දෙනවා.

ප්‍රදේශයේ උෂ්ණත්වය  ඉහළ යෑම සහ පරිසරයේ ජල වාෂ්ප අඩුවීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ නිසයි ප්‍රදේශවාසීන්ට ඉවත්වෙන්නැයි දැනුම් දී තිබෙන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »