ඔස්ට්‍රේලියාවට විදේශිකයන් පැමිණීම සියයට හැත්තෑ දෙකකින් ඉහලට

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන විසි හයයි දශම හයක් දක්වා වැඩි වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියා සංඛ්‍යා දත්ත කාර්යාංශය කියා සිටින්නේ පසුගිය වසරට සාපේක්ෂව ජනගහනය සියයට දෙකයි දශම හතරකින් වැඩි වී ඇති බවයි.

විදේශිකයන් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ප්‍රධාන හේතුව ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

පසුගිය වසරේ විදේශිකයන් පැමිණීම සියයට හැත්තෑ දෙකකින් වැඩි වී ඇති බවයි කාර්යාංශය පෙන්වා දෙන්නේ.

සංඛ්‍යාවක් ලෙස එය හත්ලක්ෂ තිස් හත්දහස් දෙසීයක් වනවා.

එහෙත් ඔස්ට්‍රේලියාවෙන් විදේශිකයන් පිටත්ව ගොස් ඇත්තේ එක් ලක්ෂ දහනව දහස් එකසියයක් පමණයි.

ඊට අමතරව උපත් අනුපාතිකයට සාපේක්ෂව මරණ අඩුවී තිබෙනවා.

එයද ජනගහනය වැඩිවීමට සාධකයක් බවයි සංඛ්‍යා දත්ත  කාර්යාංශය පෙන්වා දෙන්නේ. 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »