Search

අයි සී සී බාධකයට කවාජාගෙන් උපරිම ක්‍රියාමාර්ග

මානව හිමිකම් සම්බන්ධ පණිවුඩයක් පාවහන් මගින් ප්‍රදර්ශනය කිරීමට icc යෙන් ඇතිවූ බාධකය පිළිබඳව හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරු උස්මාන් කවාජා පවසන්නේ. 

නිදහස යනු මානව හිමිකමකි  සහ සියලු ජීවිත සමානයි  යන පණිවුඩ රැගත් පාවහන් පැළඳ පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමටයි කවාජා සැලසුම් කර තිබුණේ.

එහෙත් සැලසුමට බාධා මතු වුණා.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා කියා සිටියේ කවාජාගේ සූදානම තමන්ට ගැටළුවක් නොවන බවයි.

එහෙත් icc නීති රීති යටතේ පණිවුඩයක් නිකුත් කිරීමේ හැකියාවක් නැතැයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පණිවිඩ රහිත පාවහන් පැළඳ උස්මාන් කවාජා ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළා.

පාකිස්ථානයට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාවයි මුලින්ම පන්දුවට පහර දෙන්නේ.

තරගය පැවැත්වෙන්නේ පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »