
අනවශ්‍ය ලෙස විදුලිය භාවිතයෙන් වළකින්නැ යි නිව් සවුත් වේල්ස් වැසියන්ගෙන් බල ශක්ති අමාත්‍ය පෙනී ෂාප් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.
අද පස්වරුවේදී සිඩ්නි ආශ්‍රිත ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහ ඉක්මවා යාමට නියමිත බවටයි අනාවැකි පලව ඇත්තේ.
එය ප්‍රදේශයේ විදුලි ඉල්ලුම වැඩිවීමට හේතු විය හැකි යැයි විශ්වාස කෙරෙනවා.

එනිසා විවිධ අත්‍යාවශ්‍ය නොවන විදුලි උපකරණ භාවිතයෙන් ඉවත් වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.
වායු සමන යන්ත්‍ර සෙල්සියස් අංශක විසි හතරට මදක් වැඩියෙන් තබා ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබෙනවා.

විදුලි ඉල්ලුම වැඩිවීමත් සමග ඇතිවිය හැකි අර්බුද අවම කිරීමයි මෙම ඉල්ලීමේ අරමුණ.