Search

ජැස්පර් හානි තක්සේරුව ඉදිරි පැය කිහිපයේදී

ජැස්පර් සුළි කුණාටුවෙන් සිදු වූ හානි පිළිබඳව ඉදිරි පැය කිහිපයේදී තක්සේරු කරන බවයි ක්වීන්ස්ලන්ඩ් බලධාරීන් පවසන්නේ.

තවමත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන හතළිස් දහසකට වැඩි සංඛ්‍යාවක් පවතින්නේ විදුලි බලය නොමැතිව බවයි සඳහන් වෙන්නේ.

එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉක්මනින් ක්‍රියා මාර්ග ගැනෙනවා.

බිඳවැටීම් බහුලවීම හේතුවෙන් සැපයුම නැවත ලබා දිය හැකි කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි බවයි බලශක්ති ආයතන ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

ජැස්පර් සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වූයේ කේන්ස් ප්‍රදේශයට කිලෝ මීටර් සියයක් පමණ දුරින්.

ඒ වන විට දෙවන ශ්‍රේණියේ සුළි කුනාටුවක් දක්වා එය වර්ධනය වී තිබූ බවයි කාලගුණ අංශ පවසන්නේ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »