රතු මුහුදට යුද නෞකාවක් එවන්නැයි ඇමරිකාව ඉල්ලයි

රතු මුහුදට යුද නෞකාවක් එවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටිනවා.

ඉරාන සහාය සහිතව හූති ගරිල්ලන් මුහුදු ප්‍රදේශය පසු කරමින් යන නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමයි ඊට හේතුව.

ඊශ්‍රායලය වෙත යන සියලු නෞකාවලට අවහිර කරන බව හූති ගරිල්ලන් ප්‍රකාශ කර තිබෙන්නේ දින කිහිපයකට පෙර සිට.

ඒ ගාසා තීරයේ ගැටුම් අත්හිටුවන්නැයි බලකරමින්.

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවකට ඊයේ දිනයේදී හූති ගරිල්ලන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සඳහන්.

ඒ අනුව රතු මුහුදේ ඔස්ට්‍රේලියා යුද නෞකාවක් ස්ථානගත කරන්නැයි ඇමෙරිකාව ඉල්ලා සිටි බවයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කරන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »