ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහන ගාස්තු ලබන වසරේ දී ස්ථාවරව

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ගාස්තු ලබන වසරේ දී ස්ථාවරව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින ගාස්තු ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

භාණ්ඩාගාරික අමාත්‍ය කැමරන් ඩික් කියා සිටින්නේ ගාස්තු ස්ථාවරව පවත්වා ගැනීමෙන් පුද්ගලයෙකුට දළ වශයෙන් වාර්ෂිකව ඩොලර් 65 ක් පමණ ඉතිරි වන බවයි.

ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක වියදම් නොකෙරෙන සෑම ඩොලරයක්ම ඕනෑම පුද්ගලයෙකුට අතිශය වැදගත් බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව ජීවන වියදම පාලනයට ක්වීන්ස්ලන්ඩ් රජය ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා කියාසිටින්නෙ.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »