Search

යුක්‍රේන ආරක්ෂක අංශ පුහුණු කිරීමට ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 186 ක්

යුක්‍රේනයේ ආරක්ෂක අංශ පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 186 ක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

පුහුණු වැඩසටහන් සඳහා විශේෂඥයන් යොමුකරවීමට ද තීරණය කර ඇති බවයි රජය සඳහන් කරන්නේ.

යුක්‍රේනයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බවයි, ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය වන්නේ.

ඒ නිසා ආරක්ෂක අංශ පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා අතිරේක මුදලක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සිටින යුක්‍රේන තානාපතිවරයා කියාසිටින්නේ අතිරේක අරමුදල් සැපයීම අගය කරන බවයි.

ක්යුව් හි ඔස්ට්‍රේලියා තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට ෆෙඩරල් රජය ක්‍රියා කරන්නේ නම්, එය වැදගත් පියවරක් බවද ඔහු පෙන්වා දෙනවා. 

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »