නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හඳුන්වා දුන් විරෝධතා සම්බන්ධ ඇතැම් නීති නිෂ්ප්‍රභ කිරීමටයි, නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
දෙදහස් විසි දෙකේ අප්‍රේල් මාසයේදී මෙම නීති හඳුන්වා දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මහා මාර්ග සහ වෙනත් ප්‍රධාන ස්ථාන අවහිරවන පරිදි විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටයි නීති පැනවුණේ.
ඒ ආකාරයට විරෝධතාවල නිරත වන්නන් සඳහා වසර දෙකක සිර දඬුවම් හෝ ඩොලර් විසි දෙදහසක දඩයක් නියම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසී තිබෙනවා.
ඊට එරෙහිව නිටින් නැනාස් ක්‍රියාකාරී සංවිධානය අධිකරණයේ නඩුවක් ගොනු කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ නීති වලින් දේශපාලන හෝ වෙනත් විරෝධතා පැවැත්වීමේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.