
කෘත්‍රිමව සකස් කරන ලද ඉංජිනියර්ඩ් ස්ටෝන්ස් හෙවත් පාෂාණමය ස්වභාවයක් ගන්නා ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමටයි ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙන්නේ.
එවැනි තීරණයකට එළැඹි ලෝකයේ පළමු රට බවට ද ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.
තහනම ක්‍රියාත්මක වන්නේ ලබන වසරේ ජූලි පළමුදා සිට.

ෆෙඩරල් රජයේ, ප්‍රාන්තවල සහ ටෙරිටරි, සේවා ස්ථාන සම්බන්ධ අමාත්‍යවරුන් සියලු දෙනා ම තීරණයට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි මතුපිටක් සහිත කෘත්‍රිම ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත වන්නේ මුළුතැන්ගේ ආශ්‍රිත මේස ඉදිකිරීම සඳහා. නාන කාමරවලටද ඒවා යොදා ගැනෙනවා.

ඒවායේ මතුපිට ගෙවී යාමේදී නිකුත්වන අංශු හේතුවෙන් පෙනහළු ආශ්‍රිත රෝගාබාධ හටගන්නා බවටයි වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ.
එය බරපතල තත්ත්වයක් බව ද ඔවුන් අවධාරණය කර තිබුණා. ඒ අනුවයි තහනම ක්‍රියාත්මක වන්නේ.