Search

ගැස්කන් ඩෑෂ් අවලංගුයි

පාරිසරික හේතූන් කිහිපයක් මුල් කරගනිමින් බටහිර ඕස්ට්‍රේලියා ගැස්කන් ඩෑෂ් කාන්තාර තරගාවලිය අවලංගු කිරීමට තරඟ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම තරගාවලිය යළිත් 2025 වසරේ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි සංවිධායකයින් දැනුම් දී ඇත්තේ.

තරගාවලිය හේතුවෙන් දේපළ වලට මෙන්ම පරිසරයට සිදුවන හානි පිළිබඳ විවිධ පාර්ශවයන්ගෙන් ලඳ පැමිණිළි හේතුවෙන් මෙම පියවර ගෙන ගත් බවයි තරග සංවිධායකයින් පවසන්නේ.

තරගාවලියේ සමස්ථ ධාවන පථය කිලෝමීටර් 400 කට ආසන්න වන අතර යතුරු පැදි ධාවනයේ දී දේපල හා පරිශ්‍ර වලට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් බොහෝ පිරිස් චෝදනා එල්ල කර තිබුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ධාවන පථය ආශ්‍රිත මුස්ලිම් දේවස්ථාන නියෝජියකු සඳහන් කළේ දේපල නඩත්තු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් ගැස්කන් ඩෑෂ් තරගාවලිය අවලංගු කිරීම වඩාත් සුදුසු බවයි.

ගැස්කන් ඩෑෂ් තරගාවලිය දේශීය ධාවකයින් අතර වඩාත් ප්‍රචලිත තරගාවලියක් වන අතර මෙවර තරගාවලිය අවලංගු වුව ද 2025 වසරේ දි නිසැකවම පැවැත්විමට හැකි බව සංවිධායකයින් තරගකරුවන් වෙත දැනුම් දී තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »