Search

ගාසා සටන් විරාමයකට රටවල් 10 ක විරෝධය

ගාසා තීරය තුළ මානුෂීය සටන් විරාමයක් ඇති කිරීමට අදාළ එක්සත් ජාතින්ගේ මහමණ්ඩල යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුලු රටවල් 10ක් සිය විරෝධය පල කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද 153 ක් ද, විපක්ෂව ඡන්ද 10 ක් ද ලැබුණු අතර 23 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇති බව සඳහන්.

මානුෂීය සටන් විරාමයක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හදිසි සැසියක් නිව්යෝර්ක් නුවරදී පැවැති අතර රටවල් 120 ක සහාය ඇතිව යෝජනාව සම්මත වුණා.

ඔස්ට්‍රේලියාව ද එම යෝජනාවට සහය පළ කර ඇති අතර බ්‍රිතාන්‍ය ඡන්දය භාවිත කිරීමෙන් වැළකි සිටියා.

ඊශ්‍රායලය අදාළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින් අවධාරණය කළේ ජාත්‍යන්තර මානුෂීය නීතියට ඊශ්‍රායලය ගරු කළ යුතු බවත් තම වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් වගකීම් සහගත විය යුතු බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව එක්ව තිරසර සටන් විරාමයක් සඳහා හදිසි ජාත්‍යන්තර ප්‍රයත්නයක අවශ්‍යතාව පිළිබඳ ඉල්ලීමක් ද සිදුකර තිබුණා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »