
ගාසා තීරයේ තිරසර සටන් විරාමයක් සඳහා හදිසි ජාත්‍යන්තර ප්‍රයත්නයක් වෙත එළඹීමට කැනඩාව සහ නවසීලන්ත සමග එකාබද්ධව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් එකඟතාව පල කර තිබෙනවා.
හමාස් ත්‍රස්ත ප්‍රහාර හෙළා දකිමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රථම වරට නිවේදනයක් නිකුත් කර ඇති අතර නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් සහ ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බනිස් ද යුද්ධයෙන් පිඩාවට පත්වුවන්ට සිය ශෝකට ප්‍රකාශ කර තිබුණා.
මේ අතර තවදුරටත් ගාසා තීරයේ වෙසෙන සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට එක්විය යුතු බවයි රටවල් ත්‍රිත්වයේ රාජ්‍ය නායකයින් අවධාරණය කර ඇත්තේ.

යුධ ගැටුම් හේතුවෙන් අවදානමට ලක්වූ ඊශ්‍රායල සහ පලස්තීන වැසියන්ට අවශ්‍ය තිරසර මානුෂික ප්‍රතිලාභ සඳහා මෙහිදි වැඩි අවධානය යොමුව තිබිම විශේෂත්වයක්.
කෙසේ වෙතත් තිරසර සටන් විරාමයක් සඳහා වු හදිසි තත්වයට සහාය වීමට රටවල් ත්‍රිත්වයේ රාජ්‍ය නායකයින් එකාබද්ධ වී ඇති අතර මේ සඳහා ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව ද සඳහන්.

ත්‍රස්ත ක්‍රියා හමුවේ තවදුරටත් ප්‍රාණ ඇපකරුවන්ව සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් වලට සහය වීමට ද විපතට පත්වුවන්ට අවශ්‍ය මානුෂීය ප්‍රවේශ වැඩිදියුණු කිරීමට මැඳිහත් විය යුතු බව ද එහිදි අවධාරණය කෙරුණා.
මේ අතර සටන් විරාමයක් සඳහා වන ගෝලීය ඉල්ලීම් පිළිබඳ එක්සත් ජාතින්ගේ අවධානය යොමු කළ යුතු බව ද එහිදි වැඩිදුරටත් අදහස් ඉදිරිපත් වුණා.