Search

විදේශ ගමන් බලපත් ගාස්තු වැඩිකිරීමට සැලසුම්

ඔස්ට්‍රේලියා විදේශ ගමන්  බලපත් ගාස්තු වැඩි කිරීමට ෆෙඩරල් රජය තීරණයකට එළඹ තිබෙනවා.

එය ලබන වසරේ ජූලි පළමුදා සිට ක්‍රියාත්මක කිරීමයි රජයේ අපේක්ෂාව.

දැනට ක්‍රියාත්මක විදේශ ගමන් බලපත් ගාස්තුවක් ඒ යටතේ සියයට පහළොවකින් වැඩිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නව ක්‍රියාමාර්ගයෙන් වසර තුනක කාලයකදී ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 349 ක ආදායමක් ලබාගත හැකි වෙතැයි රජය පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව විදේශ ගමන් බලපත් වඩාත් ආරක්ෂිතව නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද සැලසුම් කර ඇති බවයි භාණ්ඩාගාරික අමාත්‍ය  ජිම් චාමර්ස් පවසන්නේ.

වර්තමානය වන විට පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ අනන්‍යතාව සම්බන්ධ විවිධ අර්බුද මතුව තිබෙනවා.

නව ගමන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයෙන් එම ගැටලු විසඳීමට හැකිවන බවයි රජය විශ්වාස කරන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »