
නෙට්බෝල් ඔස්ට්‍රේලියා සහ ක්‍රීඩිකාවන්ගේ සංගමය අතර ගැටලු විසඳී තිබෙනවා.
ඒ සඳහා මාස දහයක පමණ කාලයක් දෙපාර්ශවය සාකච්ඡා කළ බවයි නෙට්බෝල් ඔස්ට්‍රේලියා සඳහන් කරන්නේ.
එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශවය සැලසුම් කර තිබෙනවා.

නෙට් බෝල් ක්‍රීඩකාවන්ගේ වැටුප සියයට එකොලහකින් වැඩි කිරීමට නව ගිවිසුම යටතේ පියවර ගැනීමට නියමිතයි.
වැටුප් වැඩිවීම පසුගිය ඔක්තෝබර් පළමුදා සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබෙන්නේ.

අනුග්‍රාහකත්ව අරමුදල් වලින් සියයට විස්සක් ක්‍රීඩකාවන් වෙත ලබාදීම ද නව සැලසුමට ඇතුළත්.
ඔස්ට්‍රේලියා නෙට්බෝල් ප්‍රධාන විධායක කෙලි රයන් ඊයේ ඉල්ලා අස්වුණා. ඉන්පසු මෙම එකඟතා ඇතිවූ බවයි වාර්තා වෙන්නේ.