Search

දකුණු ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයට ටෝනඩෝවක්

දකුණු ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයට ටෝනඩෝවකින් බලපෑම් සිදු වුණා.

නිවාස කිහිපයකටද හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

දැඩි සුළඟින් නිවාස ගණනාවක වහල ගැලවී ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ දැවැන්ත ගස් රැසක් ඉදිරී වැටී ඇතැයි ද වාර්තා වෙනවා.

ප්‍රදේශයේ විදුලි සැපයුමට ද ටෝනඩෝ වෙන් බලපෑම් සිදුවුනා.

අකුණු රැසක්ද с ඇති වී තිබෙන බවයි කාලගුණ කාර්යාංශය සඳහන් කළේ.

ඒ නිසා ගිනි ගැනීම් කිහිපයක්ද වාර්තා වී තිබෙනවා.

ගිනි ගැනීම් හෙක්ටාර සියයක පමණ ව්‍යාප්තව තිබූ බවයි ගිනි නිවීම් සේවා කණ්ඩායම් පවසන්නේ.

ටෝනඩෝවෙන් වැඩිම බලපෑම් සිදුව ඇත්තේ මිලිසන්ට් ප්‍රදේශයට.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »