ක්වීන්ස්ලන්ඩ් උතුරු දෙසට දැඩි සුළං ප්‍රවාහයක් පවතින බව වාර්තා වී තිබෙනවා.
ජැස්පර් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී උතුරු වෙරළ තීරයෙන් රටට ඇතුළු වීමට නියමිතයි.
ඒ සමග වර්ෂාව ද වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මිලිමීටර් තුන්සියයක පමණ වර්ෂාවක් ලැබීමට නියමිත බවයි කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.
සුළං හමන වේගය පැයට කිලෝමීටර් එකසිය හතලිහ ඉක්ම විය හැකි යි.
ඇතිවිය හැකි ගැටලු වලින් වැළකීමට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.
මුහුදු රළ ඇතිවන ස්වභාවය මේවන විට වෙනස් වී තිබෙනවා.
සුළි කුනාටුව වෙරළ තීරයට ලං වීමත් සමග මුහුදු රළ වඩාත් ප්රචණ්ඩ විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.