කුලී නිවාස අර්බුදයෙන් විශාල පිරිසක් අවදානමක

දැරිය නොහැකි කුලී නිවාස අර්බුධය හේතුවෙන් රට පුරා පවුල් ඒකක 640000කට අධික පිරිසක් දැඩි අවධානමකට ලක්ව ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව අධික ජීවන වියදම හමුවේ පුද්ගලයින් විකල්ප වාසස්ථාන වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතිනවා.

මූල්‍ය ආතතිය හේතුවෙන් පුද්ගලයින් වාහන තුළ, උද්‍යාන ආශ්‍රිත කදවුරු බැඳ සහ හිත මිතුරන්ගේ නිවෙස් හි සෝපා මත නිදා ගැනීමට පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම හමුවේ කුලී නිවාස මිලදී ගැනිමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම රට තුළ බරපතල ගැටලුවක් බව හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් නිකුත් කළ වාර්තා අනුව පෙනි යන්නේ නිවසක් නොමැතිව පීඩා විඳින සංඛ්‍යාව පසුගිය වසරේ සිට ඉහළ අගයක් ගන්නා බවයි.

මේ වන විටත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් නිවාස අහිමි පුද්ගලයින් 273600 දෙනෙකු සහන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් පුද්ගලයින් 108000 සහන සේවා සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් නිවාස අර්බුදය ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති අතර බලධාරීන් මේ සඳහා කඩිනම් තිරසාර විසඳුම් ලබා දිය යුතු බවයි ආර්ථික විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »