හොබාට් හි නිවාස දෙදහස් පන්සියයක් ඉදි කිරීමට සැලසුම්

හොබාට් හි නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව  නිවාස දෙදහස් පන්සියයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට නගර සභාවෙන් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වෙන්නේ.

හොබාට් සිට විනාඩි 25ක පමණ ධාවන කාලයකින් ලඟා විය හැකි සංවර්ධනය නොවූ ප්‍රදේශයක මෙම නිවාස ඉදිකිරීමයි සැලසුම.

වෙන්කරෙන භූමි ප්‍රමාණය හෙක්ටාර දෙසිය හතළිහක් පමණ වෙනවා.

නිවාස ඉදිකිරීමේ සැලසුම මීට පෙර නගර සභාවට ඉදිරිපත් කර තිබුණා.

එහෙත් මාර්තු මාසයේදී යෝජනාවලිය  ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පැවති ගැටලු අවම කර ගනිමින් යළිත් යෝජනාව ඉදිරිපත් වූ අතර ඊට නගර සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »