නෝට්ටු සහ කාසි භාවිතය පහළ වැටීමෙන් ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ මුල්‍ය ගණුදෙනු වලදී මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පහළ වැටීම සමස්ත ආර්ථික පද්ධතියටම බලපෑම් කරන බව ෆෙඩරල් සංචිත බැංකු අධිපති මිචෙල් බුලොක් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙලෙස මූල්‍ය ගණුදෙනු වලදී මුදල සංසරණය දිගින් දිගටම පහත වැටුණහොත් ATM යන්ත්‍ර භාවිතය ඉවත්වනු ඇතැයි සඳහන්.

2007 වසර වන විට මෙරට ගණුදෙනු වලින් සියයට 13ක් මුදල් මත සිදුව ඇති අතර බැංකු ශාඛා මෙන්ම ATM යන්ත්‍ර අත්‍යාවශ්‍ය අංග බවට පත්ව තිබුණා.

පාරිභෝගිකයන් ඩිජිටල් ගෙවීම් වෙත මාරුවීම මෙලෙස මුදල් භාවිත ඉවත්වීමට හේතුවු අතර ඉදිරියේ දි තව දුරටත් එම අගය පහළ යනු ඇතැයි මිචෙල් බුලොක් අවධාරණය කර තිබෙනවා

කෙසේ වෙතත් ෆෙඩරල් සංචිත බැංකු වාර්තා අනුව 2021 වසරට වඩා 2022 වසරේදී ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් සංසරණයෙන් ඉවත්වී ඇති බව සඳහන්.

මුදල් නෝට්ටු සම්බන්ධ ගණුදෙනුවලින් ඔස්ටේ්‍රලියානු බැංකු කිහිපයක්ම මේ වන විට ක්‍රමයෙන් ඉවත්ව ඇති අතර මේ තත්වය සමස්ථ ආර්ථිකයට බලපෑම් ඇති කරන බවයි ෆෙඩරල් බැංකුව නිවේදනය කළේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »