
ක්වීන්ස්ලන්ඩ් උතුරු වෙරළ තීරයට පැයට කිලෝමීටර් එකසිය හතලිහක පමණ දැඩි සුළං ප්‍රවාහයක් ඇතිවිය හැකි යැයි විශ්වාස කෙරෙනවා.
ජැස්පර් සුළි කුනාටුව ඉදිරි පැය කිහිපයේදී රටට ඇතුළු වීමට නියමිතයි.
එය සිදුවන්නේ ක්වීන්ස්ලන්ඩ් උතුරු වෙරළ තීරයෙන්. එහිදී ම හදිසි ජලගැලීම් තත්වද ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

වැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙනවා.
ඒ පැය හයකදී මිලිමීටර් සීයේ සිට මිලිමීටර් 150 දක්වා වූ වර්ෂාපතනයක්.

බලපෑම් සිදුවිය හැකි යැයි විශ්වාස කෙරෙන පෝට් ඩග්ලස්හි නගරාධිපති මයිකල් කර් කියා සිටින්නේ අයහපත් බලපෑමට මුහුණ දීම සඳහා ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත් බවයි. ඊයේ පස්වරුවේද දැඩි සුළං ඇතිවුණා.
ඒ සමග මද වැසි ද ප්‍රදේශ කිහිපයකට ඇතිවී තිබෙනවා.
ඉදිරි පැය කිහිපයේදී සුළං ප්‍රවාහය සහ වර්ෂාපතනය වැඩි විය හැකියි.
ජලගැලීම්වලින් ආරක්ෂාවීම සඳහා නිවාස ආශ්‍රිතව වැලි කොට්ට ඇතිරීමටද පියවර ගැනුනා.
දේපළ ආරක්ෂා කර ගැනීමට ජනතාව හැකි උපරිමයෙන් ක්‍රියා කළ බවයි පෝට් ඩග්ලස් නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජැස්පර් සුළි කුනාටුව ප්‍රදේශයෙන් ඉවත්ව ගිය විගස පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආරම්භ කරමින් සිකුරාදා වන විට ප්‍රදේශයේ සියලු මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමටත් ඔහු අපේක්ෂා කරනවා.