Search

පාසැල් විෂය මාලාව වැඩිදියුණු කිරීමට නව වැඩපිළිවෙලක්

රජයේ පාසැල් නගා සිටුවීම සඳහා තවදුරටත් අරමුදල් අත්‍යාවශ්‍ය බව ස්වාධීන සාමාලෝචනයක දී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව රජයේ පාසැල් සඳහා අරමුදල් සැපයීම පිළිබඳ ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් මගින් සිදු කළ අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ රජයේ පාසැල් වල පවතින සීමිත සම්පත් සමස්ථ අධ්‍යාපන පද්ධතියටම ගැටලුවක් බවයි.

අධ්‍යාපන කටයුතු සඳහා සිසුන්ට අමතර සහය අවශ්‍යදැයි නිරතුරු සොයා බැලිය යුතු අතර ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් ද පිළියම් යෙදිය යුතු බව එහිදි අවධානය යොමුව තිබෙනවා.

විශේෂයෙන් රජයේ පාසැල් සඳහා අරමුදල් සැපයීමේ පවතින අසමානතා හේතුවෙන් ඇතැම් පාසැල් සීමිත සම්පත් ප්‍රමාණයකට හිමිකම් කියන බවයි විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.

මේ අතර රජයේ පාසැල් ගුරුවරුන් සඳහා වඩාත් ගුණාත්මක සහ ඵලදායී සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය උපදේශන සහ පුහුණුව ලබා දීම වඩාත් වැදගත් බව එහිදි නිර්දේශ වී තිබුණා.

පාසැල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය පුහුණුව සඳහා පාසැල් විශය මාලාව වැඩිදියුණු කිරීමට අදාළ නව වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ගැන ද එහිදි අදහස් ඉදිරිපත් ව ඇති බව සඳහන්.

 

පැසැල් සඳහා අරමුදල් සැපයීමට අදාළව දැනට පවතින ගිවිසුම ලබන වසරෙන් අවසන්විමට නියමිත අතර වඩාත් ප්‍රමිතිගත අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයිම ගැන මෙම සමාලෝචනයේ දි අවධානය යොමුවීම විශේෂත්වයක්.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »