Search

ලී ඩාඩාහිවා ඔසුව නිසා හදවත් රෝග

සිරුරේ බර අඩු කර ගැනීමට භාවිත කරන ලී ඩාඩාහිවා ඔසුව නිසා හදවත් රෝග ඇතිවිය හැක බවට අනතුරු ඇඟවෙනවා.

ඒ නිසා වහාම ඔසුව භාවිතය අත්හිටවිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසන්නේ හදවත් රෝගවලට හේතුවන රසායනයක් එහි අඩංගු බවයි.

එය ඔස්ට්‍රේලියාවේ භාවිතය අවසන් කර ඇත්තේ වසර 2010 දී.

චිකිත්සීය ද්‍රව්‍ය පාලන ඒකකය කියාසිටින්නේ ඔසුව සඳහා ඔස්ට්‍රේලියාවේ අනුමැතියක් නොමැති බවයි.

එහෙත් එය භාවිත කරන්නන් සහ අලෙවිකරන්නන් සිටිනවා.

විදේශ වෙබ් අඩවි ඔස්සේ ලී ඩාඩාහිවා ඇණවුම් කර ලබා ගැනීම්ද වාර්තා වෙනවා.

දැනට ෆාමසිවල ඇති කැප්සූලයන් ආරක්ෂිතව බැහැර කිරීමට උපදෙස් නිකුත් කළ චිකිත්සීය ද්‍රව්‍ය පාලන ඒකකය කියාසිටින්නේ ඉදිරියේදී ඔසුව රටට ඇතුළුවීමේ සියලු ක්‍රම පාලනය කරන බවයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »