නිව් සවුත්වේල්හි යතුරුපැදිකරුවෙකුට ඔස්ට්‍රේලියා ඩොලර් දහසක දඩ නියම කෙරුණා.
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අවුරුදු 8 ක දරුවෙකු ඔහු යතුරු පැදියේ රැගෙන ගොස් තිබුණා.
තවත් අයෙකු යතුරුපැදියේ ගමන් කර තිබෙනවා.
පොලීසිය මාර්ගයේ රැඳී සිටින බව දැක ද්විත්ව ඉරි ද නොසලකා යූ හැඩ හැරවුමක්ද ලබා ගනිමින් යතුරුපැදිකරුවා පළා යාමට උත්සාහ දරා තිබෙනවා.
ඉන්පසු ඔහු රඳවා ගැනීමට පොලීසිය ක්‍රියා කළා.
යතුරුපැදියක දෙදෙනෙකුට වඩා ගමන් කිරීම, ආරක්ෂිත හිස්වැසුම් භාවිත නොකිරීම, ද්විත්ව ඉරි නොසැලකීම මත ඩොලර් දහසක දඩය නියම කෙරුණා.
අසාදු ලකුණු 9 ක් ද ඔහුට නියම කර තිබෙනවා.