
ඩොලර් බිලියන 10 කට ආසන්න රජයේ මුදල් ප්‍රතිපාදන කපා හැරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
හෙට ඉදිරිපත් කිරීමට නියමිත මධ්‍ය වාර්ෂික අයවැය ලේඛණයට එම යෝජනාව ඇතුළත් බව සඳහන්.
ප්‍රමුඛතා මට්ටම අතින් එතරම් වැදගත් නොවන ව්‍යාපෘති සඳහා පසුගිය අයවැය ලේඛණයෙන් වෙන් කල මුදල් මෙලෙස කපා හැරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති පසුබිමක මෙලෙස ප්‍රතිපාදන කප්පාදු කිරීම පිළිගත නොහැකි බවටයි විපක්ෂය ඇතුලු ඇතැම් පිරිස් චෝදනා කරන්නේ.
සිය ආර්ථික නොහැකියාව වසා ගැනීමට ලේබර් රජය විවිධ උපක්‍රම භාවිත කරන බවටද ඔවුන් අදහස් පළකරනවා.
