උතුරු නිවු සවුත් වේල්ස් හි දී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද පෙරවරු 08.50 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණේ ග්රාෆ්ටන් ආසන්නයේදී බවයි ප්රාන්ත පොලිසිය සඳහන් කලේ.
අදාළ ගුවන් යානය නිවසේදී එකලස් කරන ලද්දක් බවටද වාර්තා පළවී තිබෙනවා.
භූමියට කඩා වැටීමට පෙර එය අධිබලැති රැහැන් පද්ධතිය හා ගැටී ඇති බවයි පැවසෙන්නේ.
මෙම අනතුරත් සමග නිවාස 200 කට පමණ විදුලිබලයද අහිමිවී තිබෙනවා.