තවත් ඔස්ට්‍රේලියානු මාංශ නිෂ්පාදන සමාගම් 03 ක සඳහා පණවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
මේ අනුව බැටලු මස් ඇතුලු මාංශ වර්ග තීරු බදු සහන යටතේ නැවතත් චීනයට අපනයනය කිරීමට ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයන්ට අවස්ථාව උදාවනවා.
2020 – 2022 කාලයේදී අදාළ කර්මාන්තශාලා සේවකයන්ට කොවිඩ් වැළඳීමත් සමගයි මෙම තහනම් බලාත්මක කෙරුණේ.
කෙසේවෙතත් දෙරට අතර උද්ගතවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ගව මස් ඇතුලු භාණ්ඩ වර්ග ගණනාවක් සඳහාද චීනය විසින් වසර 03 කට පමණ ඉහතදී සීමා පණවනු ලැබුවා.
එහෙත් මේ වනවිට එම තත්වය ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමිනුයි පවතින්නේ.