ටවුන්ස්විල් හි අපරාධවලට සම්බන්ධ දාහතර දෙනකු අත්අඩංගුවට

ටවුන්ස්විල් හි අපරාධවලට සම්බන්ධ දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ළමුන් එකොලොස් දෙනෙකුද වන බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය සතියක පමණ කාලය තුළ විවිධ හිංසාකාරී ක්‍රියා රැසක් ටවුන්ස් විල් වෙතින් වාර්තා වුණා.

ඒවා පාලනයට විශේෂ පොලිස් ඒකකයක් යෙදවීමට පියවර ගැනුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට එරෙහිව චෝදනා එකසිය හතලිහකට වැඩි සංඛ්‍යාවක් පවතිනවා.

මෝටර් රථ හැත්තෑ නවයක් සොරා ගැනීමද පසුගිය දින හත තුළ සිදුව තිබෙනවා

ඊට අමතරව වෙනත් හිංසාකාරී ක්‍රියා එකසිය පනහකට වැඩියෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

පැවති තත්ත්වය පාලනයට විශේෂ පොලිස් ඒකකය කැඳවීමට ක්වීන්ස්ලන්ඩ් රජය තීරණය කළා.

සොරා ගත් මෝටර් රථ සෙවීම සඳහා හෙලිකොප්ටර් භාවිතයෙන් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීති ක්‍රියා මාර්ග ගැනෙනවා.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »