
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු 19කින් සමන්විත නිර්දේශමාලාවක් හඳුන්වා දී තිබෙනවා.
ඒ නීතිය බලාත්මක කිරීමේ කොමිසම මගින්.
ඒ අනුව අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි සම්මුඛ සාකච්ජා පැවැත්වීම අනිවාර්ය වන අතර ප්‍රශ්න කිරීම් වලදී නිහඩව සිටීමට ද සැකකරුවන්ට අවස්ථාව හිමිවනු ඇති.

ප්‍රශ්න කිරීම්වල නිරත වන නිලධාරීන් සඳහා නිසි පුහුණුවක් ලබා දිම අනිවාර්ය වන අතර සැකකරුවන්ට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ලැබීම ද විශේෂත්වයක්.
එවැනි ප්‍රතික්ෂේප කිරීම් වලදි ඒ පිළිබඳ නියමිත වාර්තාවක් තබා ගැනීමට පොලිසියට උපදෙස් ලබා දි ඇති අතර ප්‍රශ්න කිරීම් මෙහෙයවනු ලබන නිලධාරීන් ආරක්ෂිත කැමරා පැළඳ සිටීම අනිවාර්ය වනු ඇති.

2022 වසරේ සැප්තැම්බර් මස පොලිස් අත්අඩංගුවේ දී ස්වදේශික ළමයෙකු පහරදීමට ලක්වීමත් සමග ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
මේ අතර අත්අඩංගුවේ පසුවන ස්වදේශික ළමුන් සඳහා අවශ්‍ය නිති උපදෙස් දුරකතන මාර්ග ඔස්සේ ලබා ගැනීමට ද නව නිර්දේශ යටතේ හැකියාව පවතිනවා.