Search

නිදහස් කළ රැඳවියන්ගේ අපරාධවලට ස්වදේශ ඇමති සමාව ඉල්ලයි.

රැඳවුම් භාරයේ සිට නිදහස් කරන ලඳ රැඳවියන් අතුරින් කිහිප දෙනෙකු අපරාධ වලට සම්බන්ධවීම ගැන ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා.

මහාධිකරණ තීන්දුවක් මගින් රැඳවුම් භාරයේ සිටි සංක්‍රමණිකයින් 148 දෙනෙකු පසුගියදා නිදහස් කර ඇති අතර ඉන් 6 දෙනෙකු සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම සහ පහරදීම් වැනි අපරාධ වලට සම්බන්ධ වීම හේතුවෙන් යළිත් අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

රැඳවුම් භාරයේ සිටි අනවසර සංක්‍රමණිකයන් මහාධිකරණ තීන්දුව  අනුව අදියර කිහිපයක් යටතේ නිදහස් කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ වු අතර ඉදිරියේ දී තවත් පිරිසක් නිදහස්වීමට නියමිතයි.

දින නියමයක් නොමැතිව සංක්‍රමණිකයින් රඳවාගැනීම සංක්‍රමණික අයිතිවාසිකම් වලට පටහැනි බව පවසමින් මහාධිකරණය පසුගිය නොවැම්බර් 8 වන දා නියෝගයක් නිකුත් කර තිබුණා.

මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil සඳහන් කළේ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් කිසිසේත් අභියෝගයට ලක් කිරීමට සුදානමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ෆෙඩරල් රජය ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන අතර මෙලෙස බරපතල වැරදි වලට සම්බන්ධ රැදවියන් හට පුරවැසිභාවරය අහෝසි කිරීම හා සිර ඳඩුවම් තවදුරටත් පුලුල් කරන ලෙස විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »