Search

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමේ නිවේදන

අධික වර්ෂාවත් සමඟ හටගත් සුළිකුණාටු සහ ගංවතුර අවධානම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමේ නිවේදන නිතුත් කර තිබෙනවා.

දෙසැම්බර් මාසයේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුයේ Cleve ප්‍රදේශය වන අතර එලෙස වාර්තාගත ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වසර 75කට පසුවීම විශේෂත්වයක්.

පසුගිය සති අන්තයේ දකුණු ඔස්ටේ්‍රලියානු කලාපය හරහා පැයට කිලෝමීටර 100 ඉකමවු තද සුළං හමාගිය අතර රාත්‍රි කාලයේ හදිසි සේවා උපකාර මධ්‍යස්ථානයට ලැබුණු ඇමතුම් සංඛ්‍යාව 70 ඉක්මවා තිබුණා.

අධික වර්ෂාවත් සමඟ නිවාස සහ දේපල රැසකට දැඩි අලාභානි සිදුව ඇති අතර කාලගුණ නිවේදන පිළිබඳ ජනතාව නිරතුරු අවධානයෙන් පසුවීම වැදගත් වනු ඇති.

අපදාවට පත් පුද්ගලයින් සඳහා අවශ්‍ය සහන මේවන විටත් ලබා දී ඇති අතර සුළි සුළං තත්ව වලදී අනාරක්ෂිත ස්ථාන වල වාසය කරන ජනතාව ඉන් ඉවත්වන ලෙස කාලගුණ අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් අධික වර්ෂාවත් සමඟ පැවති අවධානම ඉදිරි දින කිහිපයේ දී පහව යන බව කාලගුණ අංශ අනාවැකි පලකරන අතර මේ පිළිබඳ දිගින් දිගයම ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට කාළගුණ අංශ සුදානමින් පසුවනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »