
ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk දේශපාලනයෙන් විශ්‍රාම යන බවට සිදුකල නිවේදනයත් සමග අග්‍රාමාත්‍ය දූරය සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් ව තිබෙනවා.
නිර්දේශිත නාමයෝජනා අතර නියෝජ්‍ය අගමැති ස්ටීවන් මයිල්ස්ගේ නම ද ඉදිරිපත්ව තිබෙනවා. ඔහු කියාසිටියේ ධුරයේ වගකීම් ඉටු කිරීමට තමා සූදානම් බවයි. එහෙත් ඔහුට එම ධූරය වඩාත් අභියෝගාත්මක වනු ඇතැයි විචාරකයින් පවසනවා. ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අමාත්‍ය ෂැනොන් ෆෙන්ටිමන් ද අගමැතිධුරය භාර ගැනීමට සූදානම්.
පුරප්පාඩු වු තනතුර සඳහා කම්කරු පක්ෂ නාමයෝජනා ඉදිරිපත් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර භාණ්ඩාගාරික කැමරන් ඩික් ද මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්.

නව අගමැති කවුරුන්ද යන්න තීරණය කර ප්‍රකාශයට පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවන අතර කම්කරු පක්ෂ කාරක සභාව මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ලබන සිකුරාදා දින රැස්විමට නියමිතයි.
කෙසේ වෙතත් විශ්‍රාම ගැනිමෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ධුරය සඳහා Annastacia Palaszczuk විසින් ස්ටීවන් මයිල්ස් නම් කර තිබීම විශේෂත්වයක්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්ටීවන් මයිල්ස් සඳහන් කළේ ක්වීන්ස්ලන්ඩ් හි 40 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරය භාරගැනීමටත් ප්‍රාන්තය වෙනුවෙන් කැපවී සේවය කිරීමට සුදානම් බවයි.