
ඔස්ට්‍රේලියා රජය නව සංක්‍රමණික නීති අද හඳුන්වා දුන්නා.
වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ඊට ඇතුළත්.
උපාධිධාරීන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද ද වෙනස් වෙනවා. ඒ අනුව වෙනත් රටවල උපාධිධාරින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය සීමා කෙරෙනවා. අධ්‍යයන වීසා ලබා ගනිමින් උපාධිධාරීන් ඇතුළු වීම සීමා කිරීමටද නියමිතයි.

තාවකාලික උපාධිධාරි වීසා ලබා ගැනීමේ වයස් සීමාව මෙතෙක් පැවතියේ අවුරුදු පනහක් ලෙස. එය අවුරුදු තිස්පහ දක්වා සීමා කිරීමට පියවර ගැනෙනවා. ඉංග්‍රීසි භාෂා දැනුම තක්සේරු කිරීමේ ක්‍රමවේදයද වෙනස් කෙරෙනවා.
වඩා හොඳ දැනුමක් සහිත උපාධිධාරීන්ට පමණක් ඒ යටතේ වීසා නිකුත් කිරීමයි අපේක්ෂාව. අධ්‍යයන වීසා නිකුත් කිරීමේදීද උසස් ඉංග්‍රීසි දැනුමක් සහිත සිසුන් පමණක් තෝරා ගැනෙනවා.

විදේශ සිසුන්ට තෝරා ගත හැකි පාඨමාලා සීමා කිරීමට රජය සැලසුම් කළා. පාඨමාලා වෙනස් කිරීමට ඉදිරියේදී අවසර හිමිවන්නේ නෑ. අධ්‍යයන අවස්ථා ලබා දෙන නියෝජිත ආයතන සම්බන්ධ නිරීක්‍ෂණය ද වැඩි කෙරෙනවා.
පුහුණු ශ්‍රමිකයන් සඳහා වීසා නිකුත් කිරීම කොටස් තුනක් යටතේ සිදු කෙරෙනවා. ඒ අනුව හැත්තෑ දහසට අඩු ආදායම් ලබන්නන්ට එසෙන්ෂල් ස්කිල්ස් වීසා නිකුත් කරන බවයි ස්ට්‍රේලියා රජය පවසන්නේ.
ඩොලර් හැත්තෑ දහසක් එක් ලක්ෂ තිස් පන්දහසක් අතර ආදායම් උත්පාදනය කරන්නන්ට කෝ ස්කිල්ස් වීසා නිකුත් කෙරෙනවා. විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන් වාර්ෂිකව එක් ලක්ෂ තිස්පන්දහසට වඩා උපයන බවයි රජයේ අදහස. ඒ අනුව ඔවුන් වෙත ස්පෙෂලිස්ට් වීසා නිකුත් කෙරෙනවා. ස්පෙෂලිස්ට් වීසා යටතේ රියදුරන්, කම්කරුවන්, සූත්‍ර මෙහෙයවන්නන් සහ වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත රැකියා කරන්නන්ට වීසා ලබා ගැනීමේ හැකියාවක් නැහැ.