
ඔස්ට්‍රේලියා රජයේ නව සංක්‍රමණික නීති, ව්‍යාපාර සඳහා අතිශය සුදුසු බවට මත පළ වෙනවා.
වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් රජය හඳුන්වා දුන්නා.
පුහුණු ශ්‍රමය ලබා ගැනීමට ද නව වීසා ක්‍රමවේදය සුදුසු බවයි ඔස්ට්‍රේලියා ආර්ථික සංවර්ධන කමිටුවේ ප්‍රධාන විධායක මෙලින්ඩා සිලෙන්ටෝ පවසන්නේ.

නව සැලසුම් යටතේ පුහුණු ශ්‍රමිකයන් නොමැති ප්‍රදේශවලට රැකියා සඳහා සූදානම් පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් දින හතක් ඇතුළත වීසා නිකුත් කෙරෙනවා.
අධ්‍යයන වීසා සම්බන්ධයෙන්ද නව ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කළා.

එය අනීතික රැකියා අවම කිරීමට සාධකයක් වන බවයි ආර්ථික සංවර්ධන කමිටුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව ව්‍යාපාර සඳහා අතිශය සුදුසු පරිසරයක් ඔස්ට්‍රේලියාවේ නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.