
කොවිඩ් නව එන්නත් මාත්‍රා අද සිට ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසනවා.
ඖෂධ අලෙවිසැල් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් වෙතින් එන්නත ලබාගත හැකියි.
ඒ සඳහා වේලාවක් වෙන්කර ගැනීම වැදගත් බවයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඇතැම් ස්ථානවලදී අවශ්‍ය ඕනෑම මොහොතක එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
නත්තල සහ අවුරුදු උදාවත් සමග විවිධ සැමරුම් පැවැත්වෙනවා.

එය කොවිඩ් ව්‍යාප්තියට සාධකයක් විය හැකි බව සෞඛ්‍ය අංශ විශ්වාස කරනවා.
එනිසා කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත්.
එන්නතෙහි පූර්ණ ක්‍රියාකාරිත්වය සඳහා දින හතත් 14ත් අතර කාලයක් ගතවනවා.
කොවිඩ් එන්නත මාස හයකට පෙර ලබාගත් ඕනෑම පුද්ගලයෙකුට නව මාත්‍රාව සුදුසු බවයි ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමයේ උප සභාපති ඩැනියෙල් මැක්මුලන් සඳහන් කරන්නේ.