Search

පලස්තීනයට සහාය පළ කිරීමේ රැළියක් සිඩ්නි නගරයේ දී

පලස්තීනයට සහාය පළ කිරීමේ රැළියක් සිඩ්නි නගරයේ දී පස්වරුවේ පැවැත්වෙනවා.

සිඩ්නි පලස්තීන ක්‍රියාකාරී සමූහයයි එය සංවිධාන කරන්නේ.

රැළියෙදී දැන් සටන් විරාමයක් ලෙස නම් කරන ලද යෝජනා මාලාව සම්මත කිරීමටද අපේක්ෂා කෙරෙනවා.

ඊයේද පලස්තීනයට සහාය පළ කිරීමේ විරෝධතා කිහිපයක් පැවැත්වුණා.

විරෝධතාකරුවන් කියා සිටියේ ඊශ්‍රායල රජය ගාසා තිරයේ පලස්තීන ජනතාවට ප්‍රහාර එල්ල කිරීම නැවැත්විය යුතු බවයි.

සටන් විරාමයකට පිවිසිය යුතු බවද පලස්තීන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම අනිවාර්ය බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් සටන් විරාමයකට මැදිහත් විය යුතු බවද ඔවුන්ගේ අදහසයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »