ඖෂධ හිඟය උත්සව සමයේත්

උත්සව සමයේද ඖෂධ හිඟය පවතින බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසනවා.

මේවන විට විවිධ ඖෂධ 450 කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින බව සෞඛ්‍ය සහ චිකිත්සක උපකරණ පරිපාලක දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අතර ප්‍රතිජීවක ඖෂධ සහ මානසික අවපීඩනය වෙනුවෙන් භාවිත කරන ඖෂධ ද පවතිනවා.

දැඩි අවදානම් රෝග සඳහා නිර්දේශ කරන ඖෂධ හතළිහකට වැඩි සංඛ්‍යාවක්ද ඊට ඇතුළත්.

මෙම ඖෂධ හිඟය 2024 වර්ෂයේ මැද භාගය වනතෙක් බලපැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරනවා.

සාමාන්‍ය ප්‍රතිජීවක වන ඇම්ෆිසිලින්, රිෆඩීන් සහ මානසික අවපීඩනයට ලබාදෙන ටොෆ්‍රිනල් ද හිඟයි.

එදිනෙදා වේදනා සමනයට නිකුත් කෙරෙන ඒආර් එක්ස් මෝෆීන්වලද හිඟයක් පවතිනවා.

වෙනත් විකල්ප ඖෂධ භාවිතයට ද රෝගීන් යොමු කෙරෙනවා.

එහෙත් ඖෂධ හිඟය බොහෝ පිරිසකට බලපාන්නේ අහිතකරව.

හදිසි ඖෂධ අවශ්‍යතා සඳහා නිෂ්පාදකයන්ගෙන් විමසන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

එසේ නොමැතිනම් ලියාපදිංචි නොමැති විකල්ප ඖෂධ භාවිතයට ඔවුන් උත්තේජනය කෙරෙනවා.

දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැම් ඖෂධ ලබන ජුනි මාසය තෙක් නොලැබෙන බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »