සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් අද එළි දකී

සංක්‍රමණ පද්ධතියට හඳුන්වා දෙන නව ප්‍රතිසංස්කරණ මාලාව අද ප්‍රකාශයට පත් කෙරෙනවා.

විශේෂයෙන් ශිෂ්‍ය වීසා ප්‍රමාණය කප්පාදු කර සැබෑ ලෙසම උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන්නන්ට පමණක් ඒවා නිකුත් කිරීම පිළිබඳ එහිදී සලකා බැලෙනු ඇති.

අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා සඳහන් කලේ කිසිදු වැදගත්කමක් නොමැති පාඨමාලා හැදෑරීම සඳහා විදේශයන් හි සිට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ පද්ධතිය අවභාවිත වී ඇති බවයි.

රැකියා කිරීමේ අරමුණ ඇතිව අනාගතයට කිසිදු වැදගත්කමක් නොමැති පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ශිෂ්‍ය වීසා ලබාගැනීමට විදෙස් සිසුන් බොහොමයක් කටයුතු කරන බවයි අගමැති ඇල්බනීස් පෙන්වා දෙන්නේ.

එබැවින් විශ්ව විද්‍යාල මට්ටමට වඩා පහළින් ඇති ඇතැම් පාඨමාලා සඳහා ලියාපදිංචිය සැළකිය යුතු මට්ටමකට කපා හැරීමටයි ෆෙඩරල් රජය සූදානම් වන්නේ.

මෙමගින් රට පුරා නිවාස අර්බුදය මෙන්ම ජීවන වියදම් අර්පුදයද යම්තාක් දුරකට මගහරවා ගැනීමට හැකිවනු ඇති බව අගමැති ඇල්බනීස් තවදුරටත් සඳහන් කර සිටිනවා.

මෙම වසරේ සැප්තැම්බර් දක්වා කාලය වනවිට රටට පැමිණ සිටි සංක්‍රමණිකයන් සංඛ්‍යාව 500,000 ද ඉක්මවා ගොස් තිබුණද 2022-23 වසරට නියමිත කෝටාව සටහන් වී තිබුණේ ඊට වඩා අඩුවෙනුයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »