Search

ක්වන්ටාස් ගුවන්යානා තුළ ජංගම දුරකථන භාවිතය සම්බන්ධ දැඩි නීති

ක්වන්ටාස් ගුවන්යානා තුළ ජංගම දුරකථන භාවිතය සම්බන්ධ නව නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා.

පසුගිය මාසයේදී නව කොන්දේසි හඳුන්වාදීමට ගුවන් සමාගම තීරණය කළා.

ඒවා දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි සමාගම පවසන්නේ.

ඒ අනුව ක්වන්ටාස් ගුවන් යානා තුළ වෙනත් පුද්ගලයන්ගේ ඡායාරූප ගන්නේ නම් ඡායාරූපයට ලක්වන්නාගේ කැමැත්ත ඊට ලබාගත යුතු වෙනවා.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡායාරූප ලබාගැනීමද ඔවුන්ගේ කැමැත්ත නොලැබෙන්නේ නම් තහනම්.

video ගත කිරීම් සඳහාද එම නීති බල පැවැත්වෙනවා.

විවිධ සිදුවීම් වීඩියෝ ගතකර සමාජ ජාලා වෙත මුදා හැරීමේ සිදුවීම් මීට පෙර වාර්තා වුණා.

ඒවා පෞද්ගලිකත්වයට ගැටලු මතුවන සාධක.

ගුවන් සේවය භාවිත කරන මගීන් කිහිප දෙනෙකු සඳහන් කර ඇත්තේ ක්වන්ටාස් සමාගම අවසානයේ අතිශය වැදගත් තීන්දුවක් ගත් බවයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »