ඔස්ට්‍රේලියාවේ දල ණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක්

ඔස්ට්‍රේලියාවේ දල ණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඔස්ට්‍රේලියා රජය අත්පත් කරගෙන ඇතැයි පැවසෙනවා.

වසර මැද අයවැය වාර්තාව බදාදා ඉදිරිපත් කෙරනවා.

රජය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඉන් හඳුනා ගත හැකි වෙතැයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කළා. ණය අවම කිරීමට සහ රටට හිතකර ආර්ථික ක්‍රමවේදයකට රජය සූදානම් වී ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා.

පසුගිය රජය පැවතියේ නම් ඔස්ට්‍රේලියාවේ ණය මුදල ඩොලර් ට්‍රිලියන ගණනක් විය හැකිව තිබුණා.

නව රජය යටතේ ඩොලර් බිලියන නවසියයකට එය සීමා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »