Search

වික්ටෝරියා ඇතැම් පාසල් සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය හදාරන ලෙස උපදෙස්

ගුරු හිගය උග්‍රවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් පාසල් විසින් සිය සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය හදාරන ලෙස උපදෙස් දී තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ප්‍රාදේශීය කලාපවල පාසල්වලට බවයි පැවසෙන්නේ.

එහි සමස්ත පාසල් අතුරින් සියයට 43 ක පමණ ගුරු හිගයක් පවතින බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

ලබන වසර වනවිට මෙම තත්වය තවත් උග්‍රවිය හැකි බවටද විදුහල්පතිවරුන් විසින් සිසුන්ට දන්වා තිබෙනවා.

ගුරුවරුන් ආකර්ෂණය කරගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙනු ලැබුවද ඒවා සැළකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන නොමැති බව සඳහන්.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »