Search

ජැස්පර් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් සුපිරි වෙළඳසැල් රැසක ආහාර හිගයක්

ජැස්පර් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් රැසක ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක හිගයක් මතුවී තිබෙනවා.

අද පෙරවරුව වනවිට කෙයාර්න්ස් නගරයට කිලෝමීටර් 960 ක් දුරින් එය ස්ථානගතව තිබූ අතර 03 වන කාණ්ඩයේ කුණාටුවක් ලෙසයි පවතින්නේ.

කෙසේවෙතත් ගොඩබිමට ඇතුලුවීමට පෙර එය 02 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා අඩුවනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙම කුණාටුවේ බලපෑම හමුවේ ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රදේශ රැසකට ලබන බදාදා දක්වා දැඩි වර්ෂාපතනයන් – සුළං තත්වයක් අපේක්ෂා කල හැකියි.

ජැස්පර් කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් හි අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »