Search

ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය ඉල්ලා අස්වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඇනස්ටාෂියා පලාෂේ ඉල්ලා අස්වී තිබෙනවා.

වසර 08 කට වැඩි කාලයක් ඇය එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.

මෑතකාලීනව චෝදනා රැසක් අගමැතිනියට එල්ල වූ අතර මහජන මුදල් අවභාවිතයද ඒ අතර වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිත අතර එහිදීද වත්මන් අගමැතිනිය පරාජයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියට 2025 වසරේ ජූනි මාසය දක්වා අවස්ථා 03 කදී වැටුප් වර්ධක හිමිවන යෝජනාවක්ද පසුගිය සිකුරාදා දිනයේදී සම්මත කරගනු ලැබුවා.

ඒ අනුව මෙරට දෙවන වැඩිම වැටුප ලබන ප්‍රාන්ත අගමැතිනිය බවට ඇය පත්වීමටයි නියමිත වූයේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »